“ජනපති දුන් සහතිකය ගැන සතුටු වනවා..රට තුළ එය භාවිතාවෙන් ඔප්පු කළ යුතුයි” – විජිත හේරත්

“ජනපති දුන් සහතිකය ගැන සතුටු වනවා..රට තුළ එය භාවිතාවෙන් ඔප්පු කළ යුතුයි” – විජිත හේරත්

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිවාරයේදී ‘ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රචණ්ඩත්වය නැවත සිදු නොවන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබාදුන් සහතිකය සම්බන්ධයනේ සතුටු වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්   විජිත හේරත් මහතා සඳහන් කළා.

අද (23) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ නිවැරදිව පරීක්‍ෂණ මගින් වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමෙන් පමණක් නැවත මෙවැනි දෙයක් ඇතිවීම වළක්වා ගත හැකි බවයි.

ලෝකය ඉදිරියේ ජනාධිපතිවරයා ඒ සහතිකය දෙනවා නම් රට තුළ එය භාවිතාවෙන් ඔප්පු කළ යුතු බවත් ආණ්ඩුව වෙනුවෙන් පරණ යකඩ කෑලි එළියට දමා ඇති බවත් ඔහු එහිදී කියා සිටියා.

ඔවුන් ජාතික සහ ආගමික සංහිඳියාවට බාධාකාරී ප්‍රකාශ කරන අතර නිව්යෝර්ක්වල කථාව සහ සමහර අය රට තුළ කරන ප්‍රකාශවල සම්පූර්ණ පරස්පරයක් ඇති බවද පෙන්වා දුන්නා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ දුන් සහතිකවීම් යථාර්ථයක් බවට පත්කරන්න රට තුළ ක්‍රියාමාර්ග ගත යුතු බවයි විජිත හේරත් මහතා කියා සිටියේ.

 

 

Share This