ඡන්දයට සූදානම් වන්න – ජනපති කියයි

ඡන්දයට සූදානම් වන්න – ජනපති කියයි

මැතිවරණයකට සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී තිබෙනවා.

එම පක්ෂයේ කළමනාකරණ මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ(24) පැවැත්වුණු අවස්ථාවේදීයි ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත්තේ.

මැතිවරණ වැඩ කටයුතු කරගෙන යන ලෙස ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ නිලධාරීන්ට උපදෙස් දුන් බවයි ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර ප්‍රකාශ කළේ.

පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර, සභාපති වජිර අබෙිවර්ධන මහත්වරු ප්‍රමුඛ එජාප කළමනාකරණ මණ්ඩලය මෙම හමුවට සහභාගී වී තිබෙනවා.

Share This