චෝල පාන්ඩ්‍ය ආක්‍රමණයෙන් අවතැන් වුණු ඉතිහාසය – අති සාර්ථකව සිනමාහල්වලින් ප්‍රේක්ෂක හදවත් තුළට

චෝල පාන්ඩ්‍ය ආක්‍රමණයෙන් අවතැන් වුණු ඉතිහාසය – අති සාර්ථකව සිනමාහල්වලින් ප්‍රේක්ෂක හදවත් තුළට

බ්‍රිතාන්‍ය – ශ්‍රී ලංකා ව්‍යවසායක අල්ලිරාජා සුබාස්කරන් මහතා විසින් නිෂ්පාදනය කරන ලද ඓතිහාසික ක්‍රියාදාම චිත්‍රපටයක් වන Ponniyin Selvan, සිනමා පටය මේ වනවිට ලොව පුරා සිනමාහල්වල අති සාර්ථකව ප්‍රදර්ශනය කෙරෙනවා.

මෙම අති දැවැන්ත සිනමා පටය Savoy ඇතුලු දිවයින පුරා සියලුම EAP සිනමාහල්වලදී දැන් ඔබටත් නැරඹිය හැකියි

විශිෂ්ඨ අධ්‍යක්ෂවරයෙකුවන මනි රත්නම් විසින් අධ්‍යක්ෂණය කළ මෙම දැවැන්ත චිත්‍රපටයට රංගනයෙන් දායකවන්නේ, වික්‍රම්, ඓශ්වර්යා රායි බච්චන්, ජයම් රවී, කාර්ති, ප්‍රභූ, ආර් සරත්කුමාර් ඇතුළු ලෝක ප්‍රකට රංගන ශිල්පීන් පිරිසක්.

එමෙන්ම මෙම සිනමාපටය හරහා මෙරට ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ෂාම් ප්‍රනාන්දුගේ කොලිවුඩ් ආගමනය සිදුවීම විශේෂත්වයක් .

මෙම සිනමා පටය හරහා ශාම් ප්‍රනාන්දු කොලිවුඩයට පිවිසෙන්නේ පස්වැනි මිහිඳු රජුගේ චරිතය හරහායි

ඒ ආර් රහ්මාන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩවන මෙම සිනමාපටය චෝල පාන්ඩ්‍ය ආක්‍රමණයෙන් අවතැන් වුණු ඉතිහාසයක නටඹුන් මතින් නිර්මාණය වන්නක්.

මෙම සිනමාපටයේ නිෂ්පාදක අල්ලිරාජා සුබාස්කරන් මහතා මීට පෙර , 2.0, RRR, Don, Sita Ramam, Pushpa, Darbar සහ Kaththi වැනි බොක්ස් ඔෆිස් චිත්‍රපට කිහිපයක් නිෂ්පාදනය කර තිබෙනවා.

ඔබේ ප්‍රවේශපත්‍රය වෙන්කරවා ගැනීමට https://www.eapmovies.com/ වෙත පිවිසෙන්න.

ඔබගේ ප්‍රවේශපත්‍ර දැන්ම වෙන්කරවා ගන්න !

Share This