චෙක් රාජ්‍යයේ ජනපතිට කොවිඩ් -වීදුරු කුටියක සිට අගමැතිව පත් කළ හැටි මෙන්න(VIDEO)

චෙක් රාජ්‍යයේ ජනපතිට කොවිඩ් -වීදුරු කුටියක සිට අගමැතිව පත් කළ හැටි මෙන්න(VIDEO)

චෙක් රාජ්‍යයේ අගමැති ධුරයට තේරීපත්වුණු විපක්ෂ නායක පෙත්‍ර ෆියාලා චෙක් ජනාධිපති මයිලෝස් සෙමාන් ඉදිරියේ දිවුරුම් දී  තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

චෙක් ජනාධිපතිවරයා ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වී ඇති අතර, දිවුරුම් දීම සිදුවූයේ ජනාධිපති මන්දිරයේ දී වීදුරු පෙට්ටියකින් වෙන් කළ ජනාධිපතිවරයා ඉදිරියේ වීම විශේෂත්වයක්

77 හැවිරිදි ජනාධිපති මයිලෝස් සෙමාන් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව හඳුනා ගැණුනේ පසුගිය සතියේයි

මයිලෝස් සෙමාන් පසුගිය දා වෛද්‍ය උපදෙස් අනුව, සෞඛ්‍ය නීතිරීති පිළිපඳිමින්, ආරක්ෂිත ඇදුමින් සැරැසී, වෛද්‍ය කණ්ඩායමක් ද සමඟ රෝද පුටුවෙන් ජනාධිපති මන්දිරයට පැමිණියේ දිවුරුම් දීමේ කටයුතු සඳහා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

විශේෂ වීදුරු කුටියක් ජනාධිපතිවරයා වෙනුවෙන් සකස් කර තිබුණු අතර .ඔහු ඒ තුළ සිටි අතර, පෙත්‍ර ෆියාලා මීටර් කීපයක දුරින් සිට දිවුරුම් දී අග්‍රාමාත්‍ය ධුරය බාර ගෙන තිබෙනවා.

 

Share This