චීන ජනපති පුටින් හමුවීමට සූදානම්

චීන ජනපති පුටින් හමුවීමට සූදානම්

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමග සාකච්ඡා කිරීමට චීන ජනාධිපති ෂී ජින්පින් ලබන සතියේ මොස්කව් බලා පිටත්ව යාමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

“පුළුල් හවුල්කාරිත්වයක් සහ උපායමාර්ගික සහයෝගීතාවයක්” ගැන එහිදී සාකච්ඡා කරන බවයි ක්‍රෙම්ලිනය සඳහන් කර තිබෙන්නේ

යුක්‍රේනයේ පවතින යුද්ධය අවසන් කිරීමට චීනය යෝජනා ඉදිරිපත් කර ඇති අතර බටහිර රටවල් එයට යහපත් ප්‍රතිචාර දක්වා තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

රුසියානු ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව චීන ජනාධිපතිවරයා මාර්තු 20 සිට 22 දක්වා රුසියාවේ සිටින බවයි චීනයේ විදේශ අමාත්‍යාංශය පවසන්නේ

මෙම හමුවේදී වැදගත් ද්විපාර්ශ්වික ලියකියවිලි කිහිපයකට අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවද විදෙස් මාධ්‍ය පවසනවා.

පසුගිය පෙබරවාරි මාසයේදී යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky කියා සිටියේ චීනය යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීමට එරට ජනාධිපති Xi Jinping හමුවීමට අවශ්‍ය බවයි.

Share This