චීනය නැවතත් කොවිඩ් අවදානමක

චීනය නැවතත් කොවිඩ් අවදානමක

චීනයේ නැන්ජිං නගරයෙන් හඳුනාගෙන ඇති තවත් කොවිඩ් පොකුරක් එරට තවත් පළාත් 5ක ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව මුල්වරට වුහාන් නගරයෙන් කොවිඩ් 19 වෛරසය පැතිර යාමෙන් අනතුරුව කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් බහුලව වාර්තා වී ඇත්තේ මෙම අවස්ථාවේදී බවට චීන බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

සීඝ්‍රයෙන් ව්‍යාප්තියක් පෙන්නුම් කෙරෙන දරුණු ඩෙල්ටා ප්‍රභේදය නව පොකුර වර්ධනය වීමට හේතුවී ඇතැයි බලධාරීන් පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

Share This