චීනයේ යළිත් කොවිඩ් රැල්ලක්

චීනයේ යළිත් කොවිඩ් රැල්ලක්

කොවිඩ් ප්‍රභේදයේ නව රැල්ල සමඟ චීනය පුරා යළිත් ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ජුනි මාසයේදී සතියකට මිලියන 65 කට අධික ජනතාවකට වෛරසය ආසාදනය වනු ඇති බවට එරට සෞඛ්‍ය බලධාරීන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා

පසුගිය ශීත සෘතුවේදී “ශුන්‍ය කොවිඩ්” ප්‍රතිපත්තිය ඉවත් කිරීමෙන් පසුව මෙලෙස රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි වොෂින්ටන් පෝස්ට් වාර්තා කර ඇත්තේ

කොවිඩ් වෛරසයේ නව රැල්ලට එරෙහිව සටන් කිරීම සඳහා එන්නත් නිකුත් කිරීමට ද චීන බලධාරීන් කඩිනමින් ක්‍රියා කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා

කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය විශේෂඥයින් පවසා ඇත්තේ එරට වැඩිහිටි ජනගහනය අතර මරණ අනුපාතය තවදුරටත් වැඩිවීමක් වළක්වා ගැනීම සඳහා බූස්ටර් එන්නත් වැඩසටහනක් අත්‍යවශ්‍ය බවයි.

Share This