ඝාතනයකින් කෙළවර වූ ප්‍රේමය (වීඩියෝ)

ඝාතනයකින් කෙළවර වූ ප්‍රේමය (වීඩියෝ)

මැදිරිගිරිය, අඹගස්වැව ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණියක් තියුණු ආයුධයකින් පහර දී අද (10) අලුයම් කාලයේ දී ඝාතනය කර තිබෙනවා.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ අදාල තරුණියගේ පෙම්වතා බවයි පොලිසිය පවසන්නේ.

ඝාතනය සිදු කළ බව කියන සැකකරු සහ තරුණිය වසර තුනක පමණ සිට අඹුසැමියන් ලෙස ජීවත්ව ඇතැයි තොරතුරු අනාවරණය වී තිබෙනවා.

දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග ගොස් නිවසේ කිසිවකුත් නොමැති මොහොතේ සැකකරු විසින් තරුණියව ඝාතනය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ගොවිපොළ සැඟව සිටිය දී පොලිස් නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි වියේ පසුවන් අයෙක් වන අතර ඔහු හිඟුරක්ගොඩ මහේත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

Share This