ගොවිතැන් කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 3ක ආධාරයක්

ගොවිතැන් කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 3ක ආධාරයක්

අක්කර භාගයකට වැඩි භූමි ප්‍රදේශයක ගොවිතැන් කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 3ක ආධාරයක් ලබා දීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසන්නේ ” ඉදිරි කාලේ අක්කර බාගෙකට වැඩි භූමියක ගොවීන් තමන්ට අවශ්‍ය නිෂ්පාදන වගා කරනවානම් අපි එක ගොවියෙකුට ලක්ෂ 3ක ආධාරයක් ලබා දෙනවා .විසිරුම් ජල පද්ධතිය වතුර ටැංකි ,ජල මෝටර් මේ සියල්ල අපි නොමිලේ ලබා දෙනවා

කෘෂි කර්මාන්තයට කැමති ඉඩම් තියෙන සියල්ලන්ට තාක්ෂණික දැනුම ලබා දීලා ,වෙළඳපල හදලා දීලා ,ඒ වැඩ පිළිවෙළ හදලා දීලා ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න මූලික පියවරක් ලෙස තමයි කෘෂි උපකරණ කට්ටලයක් දෙන්නේ .
තමන්ගේ ඉඩම හදාගෙන යන්න අවශ්‍ය ප්‍රතිපාදන දෙනවා
ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අපේ ජාතික අවශ්‍යතාව සම්පුර්ණ කිරීම සඳහා මේ ගොවීන්ට ආධාර දෙන්න යනුවෙන්ද අමාත්‍යවරයා සඳහන් කරනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

Share This