ගොයමෙහි පෝෂණ ඌණතාවන් ඇති විය හැකි බැවින් MOP පොහොර යෙදීමට පියවර ගන්න – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

ගොයමෙහි පෝෂණ ඌණතාවන් ඇති විය හැකි බැවින් MOP පොහොර යෙදීමට පියවර ගන්න – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

ගොයමෙහි පෝෂණය ඌණතා ඇති විය හැකි බැවින් මේ වනවිට බන්ඩි පොහොර යෙදිය යුතු මට්‌ටමේ පවතින ගොයමට බන්ඩි පොහොර හෙවත් MOP පොහොර නියමිත පරිදි යෙදීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

දැනට අවශ්‍ය තරම් MOP පොහොර ‌ තොග රාජ්‍ය අංශයට අයත් පොහොර සමාගම් සතුව ඇති අතර තවමත් බොහෝ ගොවීන් MOP පොහොර අවශ්‍ය පරිදි ලබා ගැනීමට කටයුතු කර නොමැති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

MOP පොහොර පසුගිය මහ කන්නයේ රාජ්‍ය අංශයෙන් අලෙවි කරන ලද්දේ කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 19,500කටය. නමුත් මෙවර යල කන්නයේ දී MOP පොහොර මිටියක මිල රුපියල් 4500කින් අඩු කිරීමට රජය පියවර ගන්නා ලද්දේ වී වගාවට අවශ්‍ය MOP පොහොර පහසු මිලකට ලබා දීමට බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ.

Share This