ගොන්ගල කඳු පන්තිය ආශ්‍රිත ප්‍රදේශයට සංචාරකයන් නිසා සිදුව ඇති දේ

ගොන්ගල කඳු පන්තිය ආශ්‍රිත ප්‍රදේශයට සංචාරකයන් නිසා සිදුව ඇති දේ

වසර 17කට අධික කාලයක් තිස්සේ සිංහරාජ රක්ෂිතයේ කොටසක් ලෙස ප‍වරා ගැනීමට නොහැකි වූ සංවේදි පරිසර කලාපයක් වන ගොන්ගල කඳු පන්තිය ආශ්‍රිත ප්‍රදේශය සංචාරකයන් නිසා දැඩි පාරිසරික හානියකට ලක් වෙමින් තිබෙන බව වාර්තා වී ඇති බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

නිවාඩු දිනයන්හිදී එම ප්‍රදේශයේ සංචාරය කිරීම සඳහා විශාල පිරිසක් පැමිණීම ඊට හේතුව වී තිබෙන බවයි පැවසෙන්නේ

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

එලෙස පැමිණෙන පිරිස් ගොන්ගල කඳු මුදුනේ කඳවුරු ඉදි කිරීම සඳහා අති සංවේදී ස්ථාන ගණනාවක් එළිපෙහෙළි කර ඇති අතර ජෛව වටිනාකමින් යුත් ගස්වැල් උගුලා දැමීම නිසා වසර ගණනාවක් තිස්සේ සත්ත්ව හා ශාක සංහතියේ ජීවය පවත්වා ගෙන ගිය පාංශු ස්ථරයන් සෝදාපාළුවට ලක් වෙමින් තිබෙන බව මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කළ සිංහරාජ හරිත මිතුරෝ සංවිධානය පෙන්වා දී තිබෙනවා

විශාල පිරිසක් එකවර එහි සංචාරය කිරීම හේතුවෙන් පොලිතීන්, ප්ලාස්ටික් හා වෙනත් අපද්‍රව්‍යවලින් පිරුණු කලාපයක් බවට එකී ප්‍රදේශය පත්ව ඇති බව පවසන එම සංවිධානය රාත්‍රී කාලයේදී ගිනිමැල ගැසීම්, ඝෝෂා කිරීම් ආදි ක්‍රියාකාරකම් නිසා ශාක සහ සත්ත්ව විශේෂවල පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල වී ඇතැයි ද පෙන්වා දෙනවා.

 

Share This