ගුවන් ගමනක් අතරතුර ගුවන් යානයේ දොර විවෘත කළ මගියෙක් නිසා සිදුවූ දේ (VIDEO)

ගුවන් ගමනක් අතරතුර ගුවන් යානයේ දොර විවෘත කළ මගියෙක් නිසා සිදුවූ දේ (VIDEO)

දකුණු කොරියාවේ ගුවන් ගමනක් අතරතුර ගුවන් යානයේ දොර විවෘත කළ මගියෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

Asiana ගුවන් සේවයට අයත් ගුවන් යානයක් දකුණු කොරියාවේ Daegu ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොඩබස්වන අවස්ථාවේදී එහි හදිසි දොර විවෘත කළ පුද්ගලයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ .

මගීන් 194 දෙනෙකු මෙම යානයේ සිට ඇති අතර බොහෝ පිරිසකට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීමෙන් ඔවුන් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ගුවන් යානය ආරක්ෂිතව ගොඩබස්වා ඇති අතර 30 හැවිරිදි මෙම පුද්ගලයා ඉන්පසුව අත්අඩංගුවට ගත් බවයි පැවසෙන්නේ

 

Share This