ගුරු උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් පිරිසගේ ඇන්ටිජන් පරීක්ෂාවේ වාර්තාව මෙන්න

ගුරු උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගත් පිරිසගේ ඇන්ටිජන් පරීක්ෂාවේ වාර්තාව මෙන්න

ගුරු ,විදුහල්පති උද්ඝෝෂණය අතරතුර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් 44 දෙනා කොවිඩ් ආසාදිතයන් නොවන බවට හෙළි වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා

මොවුන් පිරිස ඊයේ (04) පස්වරුවේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කරනු ලැබුවා

මෙම විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් 44 දෙනා අතර ගුරුවරුන් 22 ක් , ගුරුවරියන් 16ක් සහ පිටස්තර පුද්ගලයින් 6 දෙනකු සිටින බව ද අජිත් රෝහණ මහතා සඳහන් කරනවා

ඔවුන් සියලු දෙනාම අද (05) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share This