ගුරුවරු 42ක් අත්අඩංගුවට

ගුරුවරු 42ක් අත්අඩංගුවට

කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (4) ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ගුරු විදුහල්පති උද්ඝෝෂණයේ නිරතව සිටි 42ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මෙම පිරිස අතර කාන්තාවන් 16 ක් සිටින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මෙම පිරිස මහා මාර්ගය අවහිර කරමින් කළහාකාරි ලෙස හැසිරෙමින් විරෝධාවේ නිරත වු බවත්, විශේෂ පොලිස් කණ්ඩායමක් ඔවුන්ට එම ස්ථානයේ ඉවත් වන ලෙසට දැනුම් දුන්නද ඔවුන් එම අවවාද පිළි නොපැදීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

Share This