ගුරුවරු බඳවා ගැනීමේ විභාගය පැවැත්වීම ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්

ගුරුවරු බඳවා ගැනීමේ විභාගය පැවැත්වීම ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මත අත්හිටවූ උපාධිධාරී ගුරුවරු බඳවා ගැනීමේ විභාගය යළිත් පැවැත්වීමට අවසර ලබාගැනීම සඳහා නීතිපතිවරයා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට බලාපොරොත්තු වන බව සභානායක අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා

අමාත්‍යවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමින්

පසුගිය මාර්තු 26 වැනිදා එම විභාගය පැවැත්වීමට දින නියම කර තිබූ අතර පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබීම හේතුවෙන් එම විභාගය අත්හිටුවීමට තහනම් නියෝගයක් නිකුත් කෙරුණා.

එමෙන්ම විභාගය යළිත් පැවැත්වීමට අවසර ලැබුණොත් ඉතා කෙටි කාලයක් තුළ බඳවා ගැනීම් සිදු කර ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවේ

Share This