‘ගුරුවරයා යනු ප්‍රඥාවේ සහ හදවතේ එකතුවක්’ – ජනපති රනිල් ලෝක ගුරු දිනයට සුබ පැතුම් එක් කරයි

‘ගුරුවරයා යනු ප්‍රඥාවේ සහ හදවතේ එකතුවක්’ – ජනපති රනිල් ලෝක ගුරු දිනයට සුබ පැතුම් එක් කරයි

ලොව ශ්‍රේෂ්ඨතම වෘත්තීන් අතර ගුරු වෘත්තිය මුල් තැන ගන්නේ ලෝකයේ හා මනුෂ්‍ය වර්ගයාගේ රඳා පැවැත්ම සඳහා වූ මග නොමග පසක් කරන මාර්ගෝපදේශකයා වන ගුරුවරයා නිසා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරනවා

ගුරුවරයා යනු ප්‍රඥාවේ සහ හදවතේ එකතුවක් .

එබැවින් ගුරු සේවාව වෘත්තියක්ම නොව සේවයකටත් එහා ගිය වගකීමක් බව පොදු පිළිගැනීම වන අතර ගුරුවරයා සමාජයෙහි ඉහළින්ම ඔසවා තබා ඇත්තේ ඒ නිසාමයි .

අප ලෝක ගුරු දිනය සමරනු ලබන්නේ එතරම් අභිමානවත් මෙහෙවරක නියැලෙන ගුරුවරයාට උපහාර පුද කිරීමට බව ජනාධිපතිවරයා සඳහන් කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා

වැඩිදුර තොරතුරු ඇතුළත් ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවිඩය පහතින් කියවිය හැකියි

Share This