ගිනිඅවියක් සහ උණ්ඩ 06ක් සමග පිරිසක් අත්අඩංගුවට

ගිනිඅවියක් සහ උණ්ඩ 06ක් සමග පිරිසක් අත්අඩංගුවට

විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවන් 06ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊට අමතරව උණ්ඩ 06ක් ද ඔවුන් සතුව තිබී සිය භාරයට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වේවැල්වත්ත ප්‍රදේශයේදී එම පිරිස අත්අඩංගුවට ගෙන තිබුනේ ලොරි රථයක ගමන් කරමින් සිටියදීයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, ගංජා ග්‍රෑම් 02ක්, පොරවක් සහ පිහි 03ක් ද ඔවුන් සතුව තිබී සොයාගත බවයි.

සැකකරුවන් වයස අවුරුදු 31ත් 42ත් අතර පසුවන නිවිතිගල සහ දොලොස්වල පදිංචිකරුවන්.

Share This