අයේෂා නික්ම ගිය දුක්බර මොහොත (PHOTOS)

අයේෂා නික්ම ගිය දුක්බර මොහොත (PHOTOS)

හදිසි ගිනි ගැනීමකට ලක්ව බරපතළ තුවාල ලබා කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය දහනම හැවිරිදි කාන්තාවගේ අවසන් කටයුතු අද (26) පැළෑටියාව පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.

පොළොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ගම්මානයේ අංක 68 ලිපිනයේ පදිංචිව සිටි බී.ජී. අයේශා කුමුදුනි යන මෙම කාන්තාව මුළුතැන් ගෙයි තිබූ ගෑස් උඳුන ගිනිකූරක් මගින් දැල්වීමට උත්සාහ දැරීමක් සමග සිදුව ඇති අනතුරකින් රෝහල්ගත කර සිටි බවයි ඇගේ පියා අප වාර්තාකරුට සඳහන් කලේ.

කෙසේ වෙතත් ඇය දිවි නසා ගැනීමට උත්සහ කළ ඇති අවස්ථාවක මෙම අනතුර සිදුව ඇති බවට ද වාර්තා පළ වනවා.

දින 12ක් පමණ රෝහලේ ප්‍රතිකාර ලැබූ ඇය ඊයේ (25) දිනයේ අවසන් හුස්ම හෙලූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අයේශා කුමුදුනීගේ අවසන් කටයුතු සිදු වූ අවස්ථාවේ ඡායාරූප පහතින් දැකගත හැකියි.

 

…………………………………….

වැලිකන්දේ අයේෂා ජීවිතයෙන් සමු ගනී

Nov 26, 2021 at 14:07

පොළොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ගම්මානයේ නිවසක සිදුවූ ගිනි ගැනීමකින් බරපතළ තුවාල ලබා කොළඹ මහ රෝහලේ දින 12 ක් ප්‍රතිකාර ලබමින් සිටි 19 වියැති කාන්තාවක් ඊයේ (25) සවස මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ වැලිකන්ද සඳුන්පිටිය අංක 68 ලිපිනයේ පදිංචිව සිටි බී.ජී. අයේශා කුමුදුනි යන අය බව අප වාර්තාකරු සඳහන් කළා.

මුළුතැන් ගෙයි තිබූ ගෑස් උඳුන ගිනිකූරක් මගින් දැල්වීමට උත්සාහ දැරීමක් සමග මෙම අනතුර සිදුව තිබෙන බවයි මියගිය තරුණියගේ පියා වන දිඹුලාගල පැලටියාව අංක 481 ලිපිනයේ පදිංචි බී.ජී. ජයසූරිය මහතා සඳහන් කළේ.

මේ පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස ද දෙදරු පියකු වන ජයසූරිය මහතා ඉල්ලීමක් කරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ නමුත් මෙය දිවි නසා ගැනීමට ගත් උත්සාහයක් ලෙස ඇතැමුන් සැක පල කරනවා.

Share This