ගෑස් ගැන රජය ගත් තීරණය

ගෑස් ගැන රජය ගත් තීරණය

ද්‍රව පෙට්‍රෝලියම් ගෑස්වල සංයුතිය ඇතුළු කරුණු නියාමනය සඳහා ආයතනයක් පිහිටවීමට කටයුතු කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළා.

මේ වනවිට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී LIVEAT8.LK වාර්තාකාරිනිය ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එවන් කරුණු පිළිබඳව සොයා බැලීමට මෙතෙක් ආයතනයක් නොතිබුණු බවයි.

ගෑස් ආශ්‍රිත පිපිරීම් නිසා ජනතාව අතර මතුව ඇති තැතිගැනීම් පිළිබඳව රජය වගකීමෙන් කරුණු සොයා බලන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

Share This