ගාල්ල ක්‍රීඩාංගණයේ තාවකාලික නැරඹුම් අට්ටාලයක් බිම

ගාල්ල ක්‍රීඩාංගණයේ තාවකාලික නැරඹුම් අට්ටාලයක් බිම

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා, පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තාවකාලික නැරඹුම් අට්ටාලයක් දැඩි සුළං තත්ත්වය සහ වර්ෂා කාළගුණය හේතුවෙන් කඩා වැටී තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් ගැටුමේ දෙවන දිනය අදයි .

අද තරගය ප්‍රමාද වී ඇත්තේද වර්ෂා කාළගුණය හේතුවෙන්.

එසේම තවමත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ආශ්‍රිතව වැසි සහ තද සුළං සහිත කාලගුණයක් පවතින බවයි අප වාර්තාකරු පැවසුවේ.

 

Share This