ගසක අත්තක් බස් නැවතුම්පොළකට කඩා වැටෙයි – වැස්ස නිසා බස් නැවතුම්පොළේ රැඳී සිටි තරුණයන් තිදෙක්ට බරපතළ තුවාල

ගසක අත්තක් බස් නැවතුම්පොළකට කඩා වැටෙයි – වැස්ස නිසා බස් නැවතුම්පොළේ රැඳී සිටි තරුණයන් තිදෙක්ට බරපතළ තුවාල

මාර ගසක විශාල අත්තක් බස් නැවතුම්පොළකට කඩා වැටිමෙන් බස් නැවතුම්පොළ තුළ වැස්ස හේතුවෙන් රැඳී සිටි තරුණයන් තිදෙනෙක් බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

මෙම අනතුරින් එක් තුවාලකරුවෙකුගේ තත්ත්වය ඉතා බරපතළ නිසා එම තුවාලකරු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවු බව නෝටන්බ්‍රිජ් පොලිසිය සඳහන් කළා.

ඊයේ (12) පස්වරු 5.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ කාසල්රි ජලාශ වේල්ලට යාබදව පිහිටි ඔස්බොන් වත්ත ප්‍රදේශයේදියි.

වර්ෂාවත් සමග ප්‍රදේශය හරහා හමා ගිය දැඩි සුළඟත් සමග බස් නැවතුම්පොළ අසල පිහිටි විශාල මාර ගසක අත්තක් කඩා වැටි ඇති බවත්වැ ඒ හේතුවෙන්
බස් නැවතුම්පොළද සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා.

ප්‍රදේශවාසින් සහ වතු කම්කරුවන් එක් ව ගසේ අත්තට සහ කඩා වැටුණු බස් නැවතුම්පොලේ සිර වි සිටි තරුණයන් තිදෙනා ඉන් මුදවාගෙන රෝහල් ගත කර තිබෙනවා.

 

 

 

Share This