ගල් වෙඩිල්ලෙන් විසි වූ ගල් කැබැල්ලක් මහමග ගිය කතක් බිලිගත් හැටි

ගල් වෙඩිල්ලෙන් විසි වූ ගල් කැබැල්ලක් මහමග ගිය කතක් බිලිගත් හැටි

ගල්‌ මෝලක ගල්‌ වෙඩි දැමීමේදී විසිවූ ගල්‌ කැබැල්ලක්‌ වැදී බරපතල තුවාල ලැබූ කාන්තාවක් මියගොස් තිබෙනවා‍.

මිය ගිය කාන්තාව වයස අවුරුදු 32ක්‌ වූ නෝනිගල, පදවිපරාක්‍රම්පුර ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මාර්ගයේ යතුරු පැදියකින්‌ ගමන්‌ කරමින්‌ සිටියදී අදාළ කාන්තාව‌ මෙම අනතුරට ලක්ව ඇති අතර බරපතල තුවාල හේතුවෙන් පදවිය රෝහලට ඇතුලත්‌ කිරීමෙන්‌ පසු මියගොස් තිබෙනවා.

ඊ‌යේ (04) දින සවස 4.15ට පමණ පදවිය පොලිස්‌ වසමේ නෝනිගල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවූ බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන්‌ සැකකරුවන්‌ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා‍.

Share This