ගම්පොල ATM යන්ත්‍රය කොල්ල කෑ සිද්ධියට සැක සහිත වෑන් රථයක් පොලිස් භාරයට

ගම්පොල ATM යන්ත්‍රය කොල්ල කෑ සිද්ධියට සැක සහිත වෑන් රථයක් පොලිස් භාරයට

ගම්පොල නගරයේ පෞද්ගලික බැංකුවක ATM යන්ත්‍රයක් කොල්ල කෑමේ සිද්ධියට අදාලව සැක සහිත වෑන් රථයක් පේරාදෙණිය ප්‍රදේශයේදී සොයාගෙන තිබෙනවා.

එසේම එම රථයේ රියදුරාද පොලිස් භාරයට ගෙන ඇති අතර ඔහු මෙම කොල්ල කෑමට සම්බන්ධ අයෙක් ද යන්න මෙතෙක් තහවුරු වී නැහැ.

මුහුණු ආවරණය කර ගත් පුද්ගලයන් හතර දෙනෙකු අද(25) අලුයම් කාලයේ මෙම කොල්ල කෑම සිදු කර තිබුණා.

ඒ එම බැංකුවේ ආරක්ෂක නිලධාරියාට පිස්තෝලයක් පෙන්වා බිය ගැන්වීමෙන් අනතුරුව ඔහු ගැට ගසා දැමීමෙන් පසුවයි.

කොල්ල කෑම සිදුකළ පිරිස ATM යන්ත්‍රය ගලවා ඔවුන් පැමිණි වෑන් රථයට දමාගෙන ගොස් තිබෙනවා.

Share This