හිටපු ඛනිජ තෙල් ඇමැතිවරයා දීර්ඝ කාලීන මිලදී ගැනීම් නතර කරලා (VIDEO)

හිටපු ඛනිජ තෙල් ඇමැතිවරයා දීර්ඝ කාලීන මිලදී ගැනීම් නතර කරලා (VIDEO)

සියලුදෙනාම එකට එකතුවී මේ ගැටලු විසදා ගැනීමට උදව් වන්නේ නම් ඕනෑම කැප කිරීමක් කිරීමට සූදානම් බවත් කොළඹදී අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් මනුෂ නානායක්කාර ඇමැතිවරයා සඳහන් කර තිබුණා.

එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පවසා තිබුණේ ලංකාවේ ඉන්ධන මෙතෙක් කල් මිලදී ගත්තේ දීර්ඝ කාලීන කොන්ත්‍රාතුවකට අනුව බවයි.

ඒත් හිටපු  ඛනිජ තෙල් ඇමැතිවරයා දීර්ඝ කාලීන මිලදී ගැනීම් නතර කර ඇති බවද,එසේ නතර කළේ කුමන හේතුවකට ද යන්න ඔහු නොදන්නා බවද ප්‍රකාශ කල බව සඳහන්.

එසේම දීර්ඝ කාලීන මිලදී ගැනීම් සිදු කරානම් අපිට අදටත් තෙල් ලැබෙන බව අමාත්‍යවරයා පවසා තිබුණා.

පසුගිය කාලයේ ව්‍යාපාර කරපු අය මේ පිටුපස සිටින බවට සැකයක් තිබෙන බව අමාත්‍යවරයා මාධ්‍ය හමුව්වේදී ප්‍රකාශ කර තිබෙනවා.

Share This