ඛනිජ තෙල් ආනයනය සඳහා ගිවිසුම් අත්සන් තබයි

ඛනිජ තෙල් ආනයනය සඳහා ගිවිසුම් අත්සන් තබයි

ඛනිජ තෙල් ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවක් සඳහා චීනයේ සහ සිංගප්පූරුවේ පිහිටි Sinopec Fuel Oil Lanka (Pvt) Ltd ආයතනයේ මව් සමාගම සමග ගිවිසුම් අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පවත්වාගෙන යනු ලබන ඉන්ධන පිරවුම්හල් 150 ක් ක්‍රියාත්මක කිරීමට, නව ඉන්ධන පිරවුම්හල් 50 ක ආයෝජනය කිරීමට සහ මෙරට බලශක්ති අංශයේ ආයෝජනය කිරීමට Sinopec සමාගමට වසර 20 ක කාලයක් සඳහා බලපත්‍රයක් හිමිවන බව සඳහන්.

කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී අදාළ ගිවිසුමට අත්සන් තැබීම සිදු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

 

Share This