පැරීසියට ඍජු ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම ගැන අවධානය

පැරීසියට ඍජු ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම ගැන අවධානය

 

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු (Eric Lavertu) මහතා සහ විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා අතර හමුවක් විදේශ අමාත්‍යංශයේදී පැවැත්වුණා.

එහිදී ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව අවධානය යොමුව ඇති බව සඳහන්.

මෙම සාකච්චාවේදී විශේෂ අවධානයක් යොමුව ඇත්තේ දේශපාලන සබඳතා, අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාව , ද්විපාර්ශ්වික වෙළෙඳාම, ආයෝජනය සහ සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීම , අධ්‍යාපනය වැනි ක්ෂේත්‍ර වෙතයි.

දෙරට අතර ව්‍යාපාර හා සංචාරක සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමට හැකි වන පරිදි කොළඹ සහ පැරිස් අතර ඍජු ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම පිළිබදවද මෙහිදී සාකච්ඡා කළ බවයි විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

Share This