කොළඹ වරායේ කෑම වේලේ කජු වෙනුවට ආදේශක -ඇමතිගේ පරීක්ෂාවෙන් ගැටළු රැසක් විසඳෙන අයුරු

කොළඹ වරායේ කෑම වේලේ කජු වෙනුවට ආදේශක -ඇමතිගේ පරීක්ෂාවෙන් ගැටළු රැසක් විසඳෙන අයුරු

කොළඹ වරායේ ආහාර සඳහා වෙන් කෙරෙන මුදලින් බාගයක්ම වැය වන්නේ කජු සඳහා බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට කොළඹ වරායේ මුලුතැන්ගෙය පරික්ෂා කළ අවස්ථාවේ තොරතුරු අනාවරණයවී තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

ස්වර්ණවාහිනි පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

කජු වෙනුවට වෙනත් ආදේශක ආහාර එහි කෑම වේලට එකතු කරන ලෙසද අමාත්‍යවරයා කොළඹ වරාය මුළුතැන්ගෙයි නිලධාරීන්ට ඊයේ 16) උපදෙස් ලබා දී තිබෙනවා

කොළඹ වරායේ ආහාර වේලක් සඳහා රුපියල් හාරසිය පනහකට ආසන්න මුදලක් වැය වන බවට මෙහිදී තොරතුරු අනාවරණයවී ඇති අතර කොළඹ වරායේ මුළුතැන්ගේ සඳහා ලියාපදිංචි නොමැති ආයතන වෙතින් භාණ්ඩ මිලදී ගැනීම් පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසත් මුළුතැන්ගේ ප්‍රතිසංස්කරණය කිරීමට හෝ වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුමක් සකස් කරන ලෙසත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කොළඹ වරායේ උප සභාපතිවරයාට උපදෙස් දී ඇති බවයි පැවසෙන්නේ

කොළඹ වරාය මුළුතැන්ගෙයින් දිවා ආහාරය සඳහා සේවකයන් පන්දහසකටත් රාත්‍රී ආහාරය සඳහා සේවකයන් 3500 කටත් ආහාර සැපයෙන නමුත් මුළුතැන්ගෙය සඳහා සූපවේදියකු නොමැති බව සේවකයෝ අමාත්‍යවරයාට දැනුම් දී ඇති අතර
ඒ පුරප්පාඩුවට වහාම සුදුස්සකු බඳවා ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා

වසර 44කට පෙර ඉදි කර ඇති ඉදිකර ඇති වරාය මුලුතැන්ගේ මේ වන විට ඉතාමත් අබලන් තත්වයේ පවතින බවත් ආහාර සැකසුම් තමන් පවතින්නේ පැරණි ක්‍රමයට බවත් ඒ අනුව මේ තත්ත්වය වහා වෙනස් කළ යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා

වරාය මුලුතැන්ගේ පවතින අඩුපාඩු සහ ආහාර ප්‍රමිතියෙන් තොර බව වෘත්තීය සමිති නියෝජිතයෝ අමාත්‍යවරයාට පෙන්වා දීමෙන් පසු පෙර දැනුම්දීමකින් තොරව මුලුතැන්ගේ නිරීක්ෂණය කළ බවයි පැවසෙන්නේ

වරාය මුළුතැන්ගේ කෑම පිසිනු ලබන්නේ ඉපැරණි ගෑස් ලිප් වල බැවින් ගෑස් විශාල වශයෙන් අපතේ යන බව සේවකයන් විසින් අමාත්‍යවරයාට දන්වා සිටි අතර ඒ කාරණය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබෙනවා

Share This