කොළඹට සහ යාපනයට විද්‍යුත් බස්රථ ?

කොළඹට සහ යාපනයට විද්‍යුත් බස්රථ ?

විද්‍යුත් බස්රථ සේවාවන් පිළිබඳව නියමු ව්‍යාපෘතිය කොළඹ නගරය සහ යාපනය නගරය කේන්ද්‍ර කර ගනිමින් සිදු කිරීමට  ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය යෝජනා කර තිබෙනවා.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා liveat8.lk වෙබ් අඩවියට සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමග අද (01) පැවති සාකච්ඡාවක දී මේ පිළිබඳව යෝජනා කළ බවයි.

ඒ සඳහා වැයවන මුදලින් 50%ක් ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය ද ඉතිරිය එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ද දැරීමට යෝජනා වී ඇති බව ගැමුණු විජේරත්න මහතා සඳහන් කළා.

Share This