කොවිඩ් සටන ජයගන්න හමුදා සහය ලබා ගැනීමට ඉරානයත් තීරණය කරයි

කොවිඩ් සටන ජයගන්න හමුදා සහය ලබා ගැනීමට ඉරානයත් තීරණය කරයි

සති දෙකක කාලයක් සඳහා රට ලොක්ඩවුන් කර, එම නීති නිසියාකාරයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා හමුදාව යොදවන ලෙස ඉරාන සෞඛ්‍ය අමාත්‍යවරයා එරට රජයෙන් ඉල්ලා තිබෙනවා.

ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ඉරානය මේ වනවිට පස්වන කොවිඩ් රැල්ලකට මුහුණ දී සිටිනවා.

ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදයට වේගයෙන් නතුවෙමින් ඇති ඉරානයේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ නැවතත් තිස්දහස ඉක්මවා ගොස් තිබුණා.

Share This