කොවිඩ් වැළදෙන දරුවන් ගණන ඉහළ ගිහින් -දෙමව්පියන්ට වෛද්‍ය දීපාල් පෙරේරාගෙන් අනතුරු ඇඟවීමක්

කොවිඩ් වැළදෙන දරුවන් ගණන ඉහළ ගිහින් -දෙමව්පියන්ට වෛද්‍ය දීපාල් පෙරේරාගෙන් අනතුරු ඇඟවීමක්

කොරෝනා වසංගතයට දරුවන් වැඩි වශයෙන් ගොදුරුවන තත්ත්වයක් පෙන්නුම් කරන බව රිජ්වේ ආර්ය ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඳ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දිනපතා පළවන පුවත්පතකට සඳහන් කර තිබෙනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

පසුගිය සතියට පෙර සතියේ කොරෝනා ආසාදිත දරුවන් 30 ක් ප‍්‍රතිකාර සඳහා පැමිණි බව වාර්තා වී තිබෙනවා

එමෙන්ම පසුගිය සතියේ දරුවන් 80 කට රෝගය වැළඳීම නිසා මෙම වර්ධනය දකින්නට තියෙන බවද ඒ මහතා සඳහන් කරනවා

කොරෝනා රෝගයට ගොදුරුවන දරුවන් රෝගය සුවවීමෙන් පසු බහු ඉන්ද්‍රීය ආසාදනයන්ට ගොදුරුවිය හැකි නිසා දරුවන් රෝගයෙන් ආරක්‍ෂා කර ගැනීමට දෙමාපියන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවයි විශේෂඳ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ

විශේෂයෙන් මේ දිනවල ඩෙල්ටා ප‍්‍රභේදය වැඩි වශයෙන් වාර්තා වන බවත් දරුවන් වැඩි පිරිසකට රෝගය වැළඳීමට ඩෙල්ටා ප‍්‍රභේදය හේතුවී තිබේදැයි සැකයක් මතුවන බවත් සඳහන් කරනවා

Share This