“කොවිඩ් බොරදියේ මාළු බෑමට ආණ්ඩුව උත්සාහ කරනවා ” – සුනිල් හඳුන්නෙත්ති

“කොවිඩ් බොරදියේ මාළු බෑමට ආණ්ඩුව උත්සාහ කරනවා ” – සුනිල් හඳුන්නෙත්ති

කොවිඩ් බොරදියේ මාළු බෑමට ආණ්ඩුව උත්සාහ කර බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

බත්තරමුල්ල, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ අදහස් පළ කළා.

“මේ වනවිට පාර්ලිමේන්තුවට නව මුදල් පනතක් ඉදිරිපත් කර තිබෙනවා. නීතිවලින් මේ වනවිට හෙළිදරව් නොකළ වත්කම් සහ ආදායම් පිළිබඳව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා හෙළිදරව් කරන තැනැත්තන්ට දණ්ඩනයක් නියම නොකර සහන ලබාදීමට මේ පනත ඉදිරිපත් කර තිබෙනවා.

මෙයින් යෝජනා කරන්නේ බිඳ වැටිලා තියෙන සංචාරක කර්මාන්තය, නැත්නම් වෙනත් කර්මාන්ත නැත්නම් කොවිඩ් වසංගතය නිසා අසරණ වෙලා ඉන්න සාමාන්‍ය ව්‍යවසායකයින් වෙනුවෙන් නෙවෙයි. බැංකු ණය, ලීසිං, ගෙවා ගන්න බැරිව විශාල අර්බුදයකට ලක්වූ පිරිසකගේ ව්‍යාපාර වැසී යමින් තිබෙනවා. ආණ්ඩුවක් විදිහට යම් සහන ලබාදිය යුත්තේ මේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට. නමුත් ආණ්ඩුව මේ පනත ගෙනත් තිබෙන්නේ ඒකට නෙවෙයි. රටේ පවතින නීතිය අනුව හෙළිදරව් නොකළ, ජනතාවගේ බදු මුදල් වංචා කළ බදු හොරුන්ට, නීතියෙන් කට්ටි පැනල තියෙන හොර නඩයකට පහසුකම් සලසා දෙන්න මේ හදන්නේ. මේක කළු සල්ලි සුදු කරන පනතක්.

ආණ්ඩුව සිදුකරමින් ඉන්නේ තමන්ගේ යාළු මිත්‍රයින්ට සහන සලසා දෙන්න. කොවිඩ් බොරදියේ මාළු බාන්න ආණ්ඩුව උත්සාහ කරන්නේ ඒ හොර නඩයට සහන දෙන්න. ” යනුවෙන් ඔහු කියා සිටියා.”

Share This