කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ‘ලබාගත්තත් ‘කොවිඩ් වැළඳී මරුදුටු දොස්තර

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ‘ලබාගත්තත් ‘කොවිඩ් වැළඳී මරුදුටු දොස්තර

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්ජර්සිහි රූට්ජර්ස් සරසවියේ මහාචාර්ය වෛද්‍ය රාජේන්ද්‍ර කපිල පසුගියදා ජීවිතක්ෂයට පත් වූයේ කොවිඞ් 19 ආසාදිත රෝග තත්ත්වයේ ගොදුරක් වීම නිසායි.

වසර පනහක කාලයක් පුරා නිව් ජර්සි සරසවිය, මාට්ලන්ඞ් සරසවිය සහ සහ මාට්ලන්ඞ් රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු ලෙස සේවය කළ ඔහු පසුගිය දා ඉන්දියාවේදී අභාවප‍්‍රාප්ත වුණා.

වියට්නාම් යුද සමයේදී වෛද්‍ය රාජේන්ද්‍ර ඔකිනාවා එක්සත් ජනපද හමුදාවේ සහකාර වෛද්‍ය ප‍්‍රධානියා ලෙසින්ද සේවය කර ඇති ඔහු කාගේත් ගරුත්වයට පත් වූ අයෙකු වනවා.

පසුගිය අපේ‍්‍රල් මාසයේදී ඔහු ඉන්දියාවට පැමිණියේ වියපත්ව සිටින ඔහුගේ ඥාතීන් දැක බලා ගැනීමටයි. ෆයිසර් එන්නතේ මාත‍්‍රා දෙකම ලබා සිටි ඔහු කිසිදු චකිතයක් නොමැතිව ඉන්දියාවට පැමිණෙන්නට ඇත්තේ එන්නත විසින් ඔහුට පූර්ණ ආරක්ෂාව ලැබී ඇතැයි යන විශ්වාසය මත විය හැකියි.

ෆයිසර් එන්නත් මාත‍්‍රා දෙක ලබා සිටියත් වෛද්‍ය රාජේන්ද්‍රට ආරක්ෂාවක් ලැබුනේ නැහැ.

එන්නතකින් සිදු වෙන්නේ වෛරසයකට, ආසාදනයකට හෝ රෝගයකට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් අපේ සිරුර සූදානම් කිරීමයි.

රෝග කාරක ජීවියාගේ අක‍්‍රීය හෝ දුර්වල කරන ලද නැතහොත් එම ජීවියා ශරීරගත වූ විට ඇති කරන බලපෑමට සමාන බලපෑමක් ඇති කරන එකී ජීවියාගේ අනු පිටපතක් මිනිස් සිරුරට ඇතුළත් කිරීමයි.

එවිට එම ජීවියා සිරුරට ඇතුළු වී ඇති බව හඳුනාගත් ප‍්‍රතිශක්තිපද්ධතිය විසින් ඊට එරෙහිව සටන් කිරීම සඳහා ප‍්‍රතිදේහ නිපදවනු ලබනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග වැළැක්වීම සහ පාලනය කිරීමේ මධ්‍යස්ථානය පවසන අන්දමට එන්නත යනු රෝග සුව කිරීමට ඇති ඔසුවක් මෙන් නොව එම රෝගය වැළඳීමට තිබෙන අවස්ථාව වළක්වන හැකියාව ඇති ශක්තිමත් දෙයකි.

Share This