කොවිඩ් එන්නත් ගැන නවතම අනාවරණයක්

කොවිඩ් එන්නත් ගැන නවතම අනාවරණයක්

කොරෝනා වෛරසයේ ආසාදනයට එරෙහිව එන්නත් මගින් ලබාදෙන ප්‍රතිශක්තිකරණය කාලයත් සමග බොහෝ සෙයින් අඩු වීමට ඉඩ කඩ පවතින බව බ්‍රිතාන්‍යයේ විද්‍යාඥයින්  පිරිසක් අනාවරණය කර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව කොවිඩ් එන්නත්කරණය දිගු කාලීනව සිදු කළ යුතු වන්නක් විය හැකි බවට ඔවුන් මත පළ කර තිබෙනවා.

නමුත්, කොවිඩ්-19 රෝගයේ අවදානමට ලක් වූවන් ආරක්ෂා කිරීම සඳහා නැවත එන්නත ලබාදීම සඳහා අවශ්‍ය කාල පරාසය කුමක්දැයි දැනට තමන් නොදන්නා බවත් විද්‍යාඥයෝ වැඩිදුරටත් දන්වා තිබෙනවා.

ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලයේ, බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ සහ එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතනයේ ප්‍රසිද්ධ වෛරස් රෝග විද්‍යාඥයින් සහ වසංගත රෝග විද්‍යාඥයන් මෙම අදහස් පළ කර තිබෙනවා.

Share This