කොවිඩ් අගුලු දැමීම් නිසා චීන ආර්ථිකයේ අර්බුද රැසක්

කොවිඩ් අගුලු දැමීම් නිසා චීන ආර්ථිකයේ අර්බුද රැසක්

චීන රජය කොවිඩ් ශුනය ප්‍රතිපත්තිය අනුව යමින් සිදුකරන අගුලු දැමීම් හේතුවෙන් චීන ආර්ථිකයට දැඩි අහිතකර බලපෑම් සිදුව ඇති බව අනාවරණය වනවා.

සුප්‍රකට බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරන්නේ, මෙම අගුලු දැමීම් චීනයේ කර්මාන්තකරුවන් හා පාරිභෝගිකයන් විශාල අර්බුදයකට ගොදුරු කර ඇති බවයි.

වසංගතය ආරම්භ වූ දා සිට කාර්මික නිමැවුම් සහ පාරිභෝගික වියදම් නරකම මට්ටමට පත්ව ඇති බවත් එය ඉක්මනින් යළි ප්‍රකෘතිමත් නොවනු ඇති බවටත් විශ්ලේෂකයින් අනතුරු අඟවා තිබෙනවා.

කාර්මික නිමැවුම පෙර වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මෙම වසරේ අප්‍රේල් මාසයේදී 2.9% පහත වැටී ඇති අතර අදාළ කාල පරාසයේ සිල්ලර අලෙවිය ද 6.6% කින් පහත වැටී ඇති බව සදහන්.

විරැකියා අනුපාතය 6.1% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර විශේෂයෙන් තරුණ ප්‍රජාවේ විරැකියා අනුපාතය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.

බ්ලූම්බර්ග් ආර්ථික විශේෂඥයින්ට අනුව දළ දේශීය නිෂ්පාදිතය ද අප්‍රේල් මාසයේදී 0.68% කින් පහත වැටී තිබෙනවා.

Share This