කොටහේනේ ඝාතනයක්

කොටහේනේ ඝාතනයක්

පුද්ගලයන් දෙදෙනෙක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් සිදු වූ පහරදීමක් නිසා එක් අයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වත්තල හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි අයෙක්.

අදාල පුද්ගලයන් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් ඊයේ(05) පෙරවරුවේ එක් පුද්ගලයෙක් අනෙක් පුද්ගලයට පොල්ලකින් පහර දී ඇති අතර, පහර කෑමට ලක්වූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි මියගොස් ඇත්තේ.

පහරදුන් බව කියන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Share This