කෙන්යාවේ මානව හිමිකම් නීතිඥවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු පොලිස් නිලධාරියෙකුට මරණ දඬුවම

කෙන්යාවේ මානව හිමිකම් නීතිඥවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු පොලිස් නිලධාරියෙකුට මරණ දඬුවම

වසර හයකට පෙර ප්‍රකට මානව හිමිකම් නීතීඥවරයෙකුව සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුව ඝාතනය කිරීම සම්බන්ධයෙන් කෙන්යාවේ හිටපු පොලිස් නිලධාරියෙකුට එරට අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

මරණීය තීන්දුව නීතියෙන් අවසර දී ඇතත්, කෙන්යාව මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොකරන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

2016 වසරේ ජුනි මාසයේදී නීතිඥ විලී කිමානිව ,ඔහුගේ සේවාදායකයා සහ කුලී රථ රියදුරෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙනුයි හිටපු පොලිස් නිලධාරියාට මෙම මරණ දඬුවම හිමිව තිබෙන්නේ

මෙම ඝාතනය සම්බන්ධයෙන් තවත් හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට සහ සිවිල් වැසියෙකුට වසර 15 ත් 39 ත් අතර සිරදඬුවම් නියම වුණා

මෙම සිව්දෙනා මිනීමැරුම් ඇතුළු චෝදනා තුනකට වරදකරුවන් වූයේ පසුගිය වසරේ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මෙම සිවුදෙනාටම දින 14ක් ඇතුළත ඔවුන්ගේ වරදට සහ දඬුවම්වලට අභියාචනා කළ හැකි බවද සඳහන් වනවා

Share This