කුසල්ගෙන් හා දිමුත්ගෙන් අර්ධ ශතක දෙකක්

කුසල්ගෙන් හා දිමුත්ගෙන් අර්ධ ශතක දෙකක්

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ, පළමු දිනයේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා මීට සුළු වෙලාවකට පෙර තාවකාලිකව නතර කළා.

ඒ වනවිට පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 36ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 155ක් රැස් කරගෙන සිටියා.

එසේම තරගයේදී අර්ධ ශතක දෙකක් වාර්තා කිරීමට දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය හිමි වුණේ නවසිලන්ත කණ්ඩායමටයි.

ඒ අනුව පළමුව පන්දු යැවීමටයි ඔවුන් තීරණය කළේ.

Tim Southee විසින් ඔෂඳ ප්‍රනාන්දු ලකුණු 13කට දවා ගත් අතර, ඔහුගේම තවත් පන්දුවාරයකදී කඩුල්ල මුවා කිරීමේ වරදට කුසල් මෙන්ඩිස් ලකුණු 87කට දැවී ගියා.

Matt Henryගේ පන්දුවාරයේදී Tom Latham විසින් ලබාගත් උඩ පන්දුවත් සමග දිමුත් කරුණාරත්න දැවී ගියේ ලකුණු 50ක් ලබාගෙන සිටියදියි.

වර්ෂාවෙන් බාධා එල්ලවීමෙන් පසුව යළි තරගය ආරම්භ කළ අතර, මේ වනවිට(08.27am) ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 196ක් ලබාගෙන සිටිනවා.

Share This