කුරුඳු හා ගම්මිරිස්වලට අනුරපුරත් හොඳයි

කුරුඳු හා ගම්මිරිස්වලට අනුරපුරත් හොඳයි

අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ කුරුඳු හා ගම්මිරිස් වගා කිරීමේ ඉහළ හැකියාවක් පවතින බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය සඳහන් කරනවා .

2023 වසරේ දී අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ කුරුඳු හෙක්ටයාර් 25ක් වගා කිරීම ඉලක්කය වී තිබෙන අතර ඒ සඳහා තඹුත්තේගම, ඉපලෝගම, රඹෑව, ගලෙන්බිදුණුවැව, රාජාංගනය හා මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තෝරාගෙන තිබෙන බවයි සඳහන් වන්නේ .

ගම්මිරිස් වගා කිරීමේ දී තනි වගාවක්, යටි වගාවක් මෙන්ම මිශ්‍ර අතුරු වගාවක් ලෙස ද එය සිදුකළ හැකි අතර අක්කර කාලක වගා වපසරියක ගම්මිරිස් පැළ 170 ක් සිටුවිය හැකියි.

එමෙන්ම අක්කර කාලක සිටුවිය හැකි කුරුඳු පැළ සංඛාව 900 ක් වන අතර එය ද තනි වගාවක් හෝ මිශ්‍ර වගාවක් ලෙස සිදුකළ හැකිවනවා.

Share This