කුඩු අංජුගේ කෝටි ගණනක දේපළ පොලිස් භාරයට (වීඩියෝ)

කුඩු අංජුගේ කෝටි ගණනක දේපළ පොලිස් භාරයට (වීඩියෝ)

රත්මලානේ කුඩු අංජු නැමත්තා සමඟ එක්ව පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් කෝටි 03 කට ආසන්න වටිනාකමකින් යුත් දේපළ පොලිස් භාරයට ගැනීමේ කටයුතු අද (21) සිදු කෙරුණා.

අපරාධ පරීක‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය නිලධාරීන් විසින් අද එලෙස සිය භාරයට ගනු ලැබුවේ මොරටුමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවාස කිහිපයක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන බව කියන රත්මලානේ කුඩු අංජු නැාමත්තාගේ ගෝලයින් පරිහරණය කළ නිවාස ඇතුළු දේපළ කිහිපයක් අපරාධ පරීක‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශනය කිරීමේ ඒකකයේ නිලධාරීන් විසින් මෙලෙස සිය භාරයට ගනු ලැබුවා.

ඒ අනුව නිවාස 02 ක් මුදල් සහ රුපියල් ලක‍ෂ 50 කට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ තොගයක් ඔවුන්ගේ භාරයට ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම නිවාස හා රන් භාණ්ඩ පරිහරණය කළ 43 හැවිරිදි සංජීවනී නමැති කාන්තාවක් ද පොලිස් අත්අඩංගුවට ගත් අතර ඇගේ සැමියා වන ශාන්ත නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දැනට බන්ධනාගාර ගතව පසු වන බව විමර්ශන නිලධාරීන් කියා සිටියා.

අදාළ කාන්තාව ගෘහ භාණ්ඩ වෙළඳාමෙහි නිරත වන බව හුවාදක්වමින් අංජු සමඟ එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බව අනාවරණය වී තිඛෙනවා.

එලෙස ජාවාරම් කළ මුදලින් නිවාස හා දේපළ මෙන්ම රන් භාණ්ඩ මිලදී ගෙන ඇති බවයි අපරාධ පරීක‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී දේපළ හෝ වත්කම් විමර්ශනය කිරීමේ ඒකකයේ නිලධාරීන් සඳහන් කළේ.

 

Share This