කුඩා දරුවෙකු සමග ‘මහමග ගමන් ගත් කාන්තාවකගේ’ ගෙල කපා මාලය කඩා ගනී

කුඩා දරුවෙකු සමග ‘මහමග ගමන් ගත් කාන්තාවකගේ’ ගෙල කපා මාලය කඩා ගනී

කුඩා දරුවෙකු සමග යමින් සිටි එක් දරු මවකගේ ගෙල කපා ඝාතනය කර ගෙල බැඳි රන් මාලය කඩාගෙන යාමේ සිදුවීමක් පොල්පිතිගම ප්‍රදේශයෙන් වාර්තා වන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

ස්වර්ණවාහිනි පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා

මෙලෙස ඝාතනයට පත්ව ඇත්තේ ඉරුදෙණියාය, තොළඹුඇල ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 35 හැවිරිදි කාන්තාවක බව පොලීසිය පවසනවා.

ඊයේ (04) පෙරවරු කාලයේ දී පොල්පිතිගම නගරයට ගොස් නිවසට අවශ්‍ය බඩු රැගෙන ආපසු යන අතරතුර මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා

ඝාතනය ලක්වන අවස්ථාවේ ඇය අවුරුදු එක හමාරක් පමණ වයසැති දරුවා වඩාගෙන සිට ඇතැයි පොලීසිය සඳහන් කරනවා.

ගෙල බැඳි මාලය කඩා ගන්නා අවස්ථාවේ දී වෙස් වලා සිටි සැකකරුව ඇය හඳුනාගෙන ඇති බවත් ,එම සොරකමෙන් බේරෙන්නට සැකකරු මෙලෙස ගෙල කපා පලාගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් පොලීසිය පවසනවා

මෙම සිද්ධියත් සමග දරුවා කෑ ගසා ඇති අතර ඒ ශබ්දය ඇසී අවට සිටි අයෙක් තුවාලවූ කාන්තාව රෝහල් ගත කර ඇතත් ඇය ඒ වනවිටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

සැකකරු මේ වනවිට හඳුනා ගෙන සිටින අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසනවා.

Share This