කිරි ගවයන් ආනයනයට ඇ.ඩො. මිලියන 11.09ක් ගෙනාපු ගවයෙකුත් නැහැ – සල්ලිවලට වෙච්ච දෙයකුත් නැහැ

කිරි ගවයන් ආනයනයට ඇ.ඩො. මිලියන 11.09ක් ගෙනාපු ගවයෙකුත් නැහැ – සල්ලිවලට වෙච්ච දෙයකුත් නැහැ

කිරි ගවයන් ආනයනය කිරීමට ඇ.ඩො. මිලියන 11.09 ක අත්තිකාරම් මුදල් ගෙවීම සිදු වුවද සතුන් ලබාගැනීමක් හෝ එම මුදල් අයකරගැනීමට කටයුතු කිරීමක් තවම සිදු වී නොමැති බව කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව 2018 වර්ශයේදී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට කිරි ගවයන් ආනයනය කිරීම වෙනුවෙන් අත්තිකාරම් වශයෙන් ගෙවූ ඇ.ඩො. මිලියන 11.09 ක මුදල පිළිබඳ විගණකාධිපතිවරයාගෙන් විශේෂ වාර්තාවක් කෝප් කමිටුවට ලබාදෙන ලෙස එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා නිර්දේශ කර ඇත්තේ.

එසේම 2012, 2013 සහ 2015 වර්ෂවලදී ඇ.ඩො. මිලියන 33.7 ක් වැයකොට ඹ්ස්ට්‍රේලියාවෙන් ආනයනය කරන ලද කිරි ගවයන් 4,495 න් 3,991 මියගොස් ඇති බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

මේ අනුව විගණකාධිපතිවරයාට මේ පිළබඳ මෙම විශේෂ වාර්තාව කෝප් කමිටුවට ලබාදෙන ලෙස කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළා.

Share This