කෑම හොයාගෙන වන අලි පාරට එයි – කෑම දෙන්න එපා – බලධාරීන් කියයි

කෑම හොයාගෙන වන අලි පාරට එයි – කෑම දෙන්න එපා – බලධාරීන් කියයි

බුත්තල සිට කතරගම දක්වා යාල ජාතික වනෝද්‍යානය මැදින් දිවෙන මාර්ගය දෙපස මේ දිනවල වනඅලි විශාල වශයෙන් දක්නට ලැබෙන බව වාර්තා වනවා.

රථ වාහන වලින් ගමන් කරන පුද්ගලයින් ලබා දෙන ආහාර බලාපොරොත්තුවෙන් මෙම වන අලි මාර්ගය අසලටම පැමිනෙණ අතර එලෙස පැමිණි වනඅලි පසුගිය දින කිහිපයෙදී රථ වාහන රැසකටම පහර දී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම පහරදීම් හේතුවෙන් රථ වාහන රැසකටම හානි සිදු වී ඇති අතර පුද්ගලයන් කිහිප දෙනෙකු ද සුළු තුවාල ලබා තිබෙනවා.

ඇතැම් සංචාරකයන් සහ රථ වාහන රියදුරන් විසින් වනඅලි ආසන්නයටම ගොස් ආහාර ලබා දීම සිදු කරන අතර වන අලියා සිටින ස්ථානය වෙත ගමන් කර ඡායාරූප ගැනීම් ද සිදු කරනු ලබන බව අප වාර්තාකරු කියා සිටියා.

එවැනි ආකාරයේ ක්‍රියා කිසිවක් වනඅලි නිරන්තරයෙන් සැරිසරන මෙම මාර්ගයේ සිදු නොකරන ලෙසට වනජීවි නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

Share This