කැමරූන්හි පැවති අවමංගල්‍ය උත්සවයක් අතරතුර නායයාමක් – 14ක් මරුට

කැමරූන්හි පැවති අවමංගල්‍ය උත්සවයක් අතරතුර නායයාමක් – 14ක් මරුට

මධ්‍යම අප්‍රිකාවේ කැමරූන් ප්‍රදේශයෙහි යවුන්ඩේ අගනුවර නායයාමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

නායයාම සිදුවන අවස්ථාවේ පැවැත්වෙමින් තිබු අවමංගල්‍ය උත්සවයකට සහභාගිවෙමින් සිටි පුද්ගලයින් අවම වශයෙන් 14 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා

එරට ප්‍රාදේශීය ආණ්ඩුකාර නසෙරි පෝල් බෙයා පවසා තිබෙන්නේ මියගිය අය අවමංගල්‍යයකට සහභාගී වෙමින් සිටි බවත් ගලවා ගැනීමේ කණ්ඩායම් තවත් සිරුරු සහ දිවි ගලවා ගත් අය සොයමින් සිටින බවත්ය.

අධික වර්ෂාව හේතුවෙන් දහස් ගණනක් පදිංචිකරුවන් අවතැන් වී සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This