කාබුල් අගනුවරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් – සිසුන් 23ක් මරුට

කාබුල් අගනුවරට මරාගෙන මැරෙන ප්‍රහාරයක් – සිසුන් 23ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර අධ්‍යාපන මධ්‍යස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 36කට තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා

ඇෆ්ගනිස්ථානයේ Dasht-e-Barchi ප්‍රදේශයේ Kaaj අධ්‍යාපන මධ්‍යස්ථානයේ මෙම පිපිරීම සිදුව තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

සිසුන් විශ්වවිද්‍යාල ප්‍රායෝගික විභාගයකට පෙනී සිට ඇති බව එම මධ්‍යස්ථානයේ නිලධාරීන් පවසා ඇති අතර මියගිය අයගෙන් වැඩි දෙනෙක් ගැහැණු ළමයින් බවද සඳහන් කරනවා

ප්‍රහාරය සිදුවන විට එම මධ්‍යස්ථානයේ 600ක් පමණ සිටි බව තුවාල ලැබූ සිසුවෙක් AFP පුවත් සේවය වෙත පවසා තිබෙනවා

Share This