ක්‍රිකට් තරු තුනට එරෙහිව සැකසෙන චෝදනා පත්‍ර

ක්‍රිකට් තරු තුනට එරෙහිව සැකසෙන චෝදනා පත්‍ර

එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටියදී ජෛව ආරක්‍ෂිත බුබුළට අදාළ සීමා ඉක්මවා යමින් කටයුතු කළ බවට චෝදනා එල්ල වී ඇති කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක‍්‍රීඩකයන්ට විරුද්ධව මේ වනවිට චෝදනා පත‍්‍ර සකස් කරමින් පවතින බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආරංචි මාර්ග උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ ක‍්‍රීඩකයන් තිදෙනා සම්බන්ධයෙන් වන විනය පරීක්‍ෂණය සඳහා පස්දෙනකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක් ද පසුගිය දා පත් කරනු ලැබුවා.

පසුගිය 29 වැනිදා දිවයිනට කැඳවූ අදාළ කී‍්‍රඩකයන් තිදෙනා මීගමුව තරු තුනේ හෝටලයක නිරෝධායනයට යොමු කළ අතර අදාළ දින 14 ක නිරෝධායන කාලය නිමා වීමෙන් පසු ඔවුහු පසුගිය 13 වැනිදා හෝටලයෙන් නික්ම ගොස් ඇති බව සඳහන්.

විනය පරීක්‍ෂණය පැවැත්වෙන තෙක් ඔවුන්ට තාවකාලික තරග තහනමක් පනවා ඇති අතර විනය පරීක්‍ෂණයේ නියමයන්ට අනුව ඔවුන්ට එරෙහි චෝදනා පත‍්‍ර සකස් කෙරෙන බව එම ආරංචි මාර්ග පවසනවා.

Share This