‘කහවත් පෙළහර මුණි සිරිපා වන්දනා’ පූජාව අද ඇරඹෙයි (වීඩියෝ)

‘කහවත් පෙළහර මුණි සිරිපා වන්දනා’ පූජාව අද ඇරඹෙයි (වීඩියෝ)

ස්වාමින් වහන්සේ 300 නමක් සිරිපා වන්දනා කරවන ‘කහවත් පෙළහර මුණි සිරිපා වන්දනා’ පූජාව ආරම්භ කිරීම සඳහා මේ වනවිට රත්නපුර මහ සමන් දේවාලයේ සියලූ කටයුතු සූදානම් වෙමින් පවතිනවා.

මේ වනවිටත් සිරිපා වන්දනා කිරීමේ අරමුණින් දිවයිනේ නන් දෙසින් පැමිණි ස්වාමින් වහන්සේ රත්නපුර මහ සමන් දේවාලය වෙත වැඩම කර තිබෙනවා.

උපන්දා සිට කිසි දිනෙක සිරිපා කරුණා නොකළ ස්වාමින් වහන්සේ 300 නමක් සිරිපා වන්දනා කරවන ‘කහවත් පෙළහර මුනි සිරිපා වන්දනා’ පූජාව අද (15) පස්වරු 2කට රත්නපුර මහ සමන් දේවාලයෙන් ඇරඹීමටයි නියමිතව ඇත්තේ.

‘කහවත් පෙළහර මුණි සිරිපා වන්දනා’ පූජාවේ බැතිබර මාධ්‍ය දායකත්වය ලබාදෙන්නේ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයයි.

දිවයිනේ නන් දෙසින් වැඩම කළ ස්වාමින් වහන්සේ රත්නපුර මහ සමන් දේවාලය වෙත වැඩම කළේ අද පෙරවරුවේයි.

ඉන් අනතුරුව ස්වාමින් වහන්සේ රතන සූත්‍රය දේශනා කරමින් මෙම පූජාව සඳහා ආශිර්වාද ලබා ගත්තා.

‘දකුණට එළියක් පදනම’ සංවිධානය කරන මේ පින්සාර පූජාව අද පස්වරු 2කට රත්නපුර මහ සමන් දේවාලයෙන් ආරම්භ කර පලාබද්දල මාර්ගය ඔස්සේ මුනි සිරිපා වන්දනාව ආරම්භ කරනවා.

ඔබත් රටවාසී, ගම්වාසී, ලෝකවාසී සියලු දෙනාම මේ ‘කහවත් පෙළහර මුණි සිරිපා වන්දනා’ පූජාවට සම්බන්ධ වන ලෙස අපි ආරාධනා කරන්නෙමු.

Share This