කන්න තුනකට පසු ‘ගොවීන් ලක්ෂ 12ටම’ මඩ පොහොර අද සිට නොමිලේ

කන්න තුනකට පසු ‘ගොවීන් ලක්ෂ 12ටම’ මඩ පොහොර අද සිට නොමිලේ

වගා කන්න තුනකට පසුව ශ්‍රී ලංකාවේ වී වගා කරන ලක්ෂ 12ක් පමණ වන සියලුම ගොවීන්ට අද (20) සිට මඩ පොහොර හෙවත් TSP නොමිලේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය හා USAID ආයතනයේ දායකත්වයෙන් මඩ පොහොර මෙරටට ආනයනය කරන ලද අතර කෘෂිකර්ම අමාත්‍යාංශයට බාර දීම ඊයේ (19) පස්වරුවේ සිදුවුණා.

මෙට්‍රික් ටොන් 36,000ක් වන මෙම ත්‍රිත්ව සුපිරි පොහොර තොගය ඊජිප්තුවේ සිට ආනයනය කර තිබෙනවා.

අද සිට මන්නාරමට මෙ. ටො. 1244ක්, වව්නියාවට මෙ. ටො. 821ක්, කිළිනොච්චියට මෙ. ටො. 820ක්, මුලතිව් සඳහා මෙ. ටො. 694ක්, යාපනයට මෙ. ටො. 297ක්, මඩකලපුවට මෙ. ටො. 1824ක්, අම්පාරට මෙ. ටො. 4066ක් හා ත්‍රිකුණාමලයට මෙ. ටො. 1746ක් ද වශයෙන් පළමු මඩ පොහොර තොගය සැපයීමට නියමිතයි.

Share This