ඕස්ට්‍රේලියාව ලකුණු 114ක් පිටුපසින්

ඕස්ට්‍රේලියාව ලකුණු 114ක් පිටුපසින්

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඕස්ට්‍රේලියාව කඩුලු 3ක් දැවී ලකුණු 98ක් ලබා සිටියා.

ඒ අනුව ඕස්ට්‍රේලියා කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 114ක් පිටුපසිනුයි පසුවන්නේ.

අද(29) ගාල්ලේ දී ආරම්භ වූ පළමු තරගයේ දී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී පළමු ඉනිමට ලකුණු 212ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායමට දිනය නිමා වනවිට රැස්කරගත හැකි වූයේ කඩුලු 3ක් දැවී ලකුණු 98ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නිරෝෂන් දික්වැල්ල ලකුණු 58ක් ලබා ගත්තා. පන්දු 59කින් ඔහු වාර්තා කළ එම ලකුණු ප්‍රමාණයට හතරේ පහර 6ක් ඇතුළත්.

Share This