ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන පවසා මුදල් වංචා කළ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන පවසා මුදල් වංචා කළ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන පවසා මුදල් වංචා කළ කාන්තාවන් දෙදෙනෙකු බදුල්ල, දෙමෝදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ කර්මාන්ත ශාලාවක රැකියා ලබාදෙන බව පවසමින් මූල්‍ය වංචාවේ නිරත වූ ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව එම කාන්තාවන් විසින් රුපියල් ලක්ෂ 18ක මුදලක් වංචා කර ඇති අතර වලංගු බලපත්‍රයක් නොමැතිව රැකියා සඳහා බඳවාගැනීමේ චෝදනාව මතයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකාරියන් දෙදෙනා බදුල්ල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

අදාළ සැකකාරියන්ට අමතරව මෙම විදේශ රැකියා වංචාව හා සම්බන්ධ තවත් පුද්ගලයෙකු පිළිබඳවද පැමිණිලි ලැබී ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය විමර්ශන කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බව සඳහන්.

Share This