ඔමික්‍රෝන් ව්‍යාප්තිය හමුවේ රටල් රැසකින් දැඩි ආරක්ෂිත පියවර

ඔමික්‍රෝන් ව්‍යාප්තිය හමුවේ රටල් රැසකින් දැඩි ආරක්ෂිත පියවර

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ සීග්‍ර ව්‍යාප්තිය හමුවේ දැඩි ආරක්ෂිත පියවර ක්‍රියාත්මක කිරීමට රටල් රැසක් තීරණය කර තිබෙනවා.

මේ අතර, ගතවූ දින එංගලන්තයෙන් හඳුනා ගැනුණු කොවිඩ් ආසාදිතයින් අතරින් බහුතරය ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදය වූවන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

සීග්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරන ඔමික්‍රෝන් කොවිඩ් වෛරස ප්‍රභේදය රටවල් රැසකට බලපෑම් එල්ල කර තිබෙනවා.

මේවන විට ලොව රටවල් 38 කින් මෙම වෛරස ආසාදිතයින් හඳුනාගෙන ඇති අතර, දෙදිනකට පෙර වෛරසය වාර්තා වී තිබුණේ රටවල් 23 කින් පමණයි.

මේ තත්ත්වය හමුවේ වෛරස ව්‍යාප්තියේ සීග්‍ර බව මනාව පැහැදිලි වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

මේ අතර, එක්සත් රාජධානියෙන් හඳුනාගත් ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 134 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඔවුන් සියලු දෙනා පාහේ පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටි අය බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

එමෙන්ම මේ වන විට එරටින් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින්ගෙන් බහුතරය ඔමික්‍රොන් වෛරස ආසාදිතයින් ලෙස තහවුරු කරගෙන තිබෙනවා.

මේ අතර, නව ප්‍රභේදය දකුනු අප්‍රිකාව තුළද සීග්‍රයෙන් පැතිරියාම හරහා සිව්වන රැල්ලක දරුණු අවදානමක් පිළිබඳ සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

මේ වන විටත් දකුණු අප්‍රිකාවේ පළාත් 09 න් 07 කම ඔමික්‍රෝන් ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා.

Share This